දැඩි හමුදා ආරක්ෂාවක් යොදා කොළඹ වරායේ රඳවා ඇති බහලුම ගැන පැහැදිලි කිරිමක්

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ දැඩි හමුදා ආරක්ෂාවක් සහිතව රඳවා ඇති බහලුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය මත සිදුකරන, විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලි ද්‍රව්‍ය තොගයක් මෙම බහලුවේ ගබඩා කර ඇත.එම විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමට මෙලෙස කොළඹ වරායට රැගෙන ආ බවද ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

එවැනි මෙහෙයුමක් සිදු කරන අවස්ථාවක දී පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ එවැනි විශේෂ ආරක්ෂක ඒකකයක ආරක්ෂාව ලබා ගැනීම එම ක්‍රියාවලියේ එක් කොටසක් බවත් ශ්‍රී ලංකා රේගුව අවධාරණය කර තිබේ

මේ හේතුවෙන් අදාල වීඩියෝව මග හුවමාරු වන ව්‍යාජ තොරතුරුවලට මුලාවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි

Werzuo Digital

Leave a Reply