මහජන උද්ඝෝෂණ අයිතිය වෙනුවෙන් ගාල්ලේ නීතිඥවරු විරෝධතාවයක (VIDEO)

ජනතාව මේ වනවිට දැඩි පිඩාවට පත්ව සිටින නිසා තත්ත්වය අවසන් කොට මහජනතාවට සහන ලබාදෙන ලෙසත් මහජනතාවගේ උද්ඝෝෂණ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ගාල්ල නිතිඥයෝ අද (01) සවස ගාල්ල කොටුව අධිකරණ සංකිර්ණය ඉදිරිපිට නිහඬ  විරෝධතාවයක් පැවැත්වුහ.

අධිකරණයේ නඩු කටයුතු අවසන් විමෙන් පසු නිතිඥවරු සියලු දෙනාම විරෝධතා පුවරු රැගෙන මහාධිකරණය ඉදිරිපිටට පැමිණ නිහඩ විරෝධතාවයේ යෙදින.

මෙහිදි නිතිඥ ජෝතිරත්න කදිරහෙට්ටි මහතා කියා සිටියේ උද්ඝෝෂණය කිරිම ජනතා අයිතියක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවය. මිරිහානේ සිද්ධියේදි පොදු දේපල පනත යටතේ විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් උද්ඝෝෂණය කිරිම ජනතා අයිතියක් නිසා එම පිරිසට සහාය දිමට නිතිඥවරු විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බවත් ඒ මහතා පැවසිය.

රජය ජනතාවට සහන ලබා නොදුනහොත් ඉදිරියේදි මෙයට වඩා දැඩි ලෙස උද්ඝෝෂණ පවත්වන බවද ඒ මහතා කිය.

Werzuo Digital

Leave a Reply