සේවය නිමවා නිවසට යමින් සිටි සෞඛ්‍ය සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු පෙරේදා (24) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදි පොලිසියට භාරදුන් බව තෙබුවන පොලීසිය පවසයි.
වින්දිත කාන්තාව බිය වී කෑ ගැසීමත් සමගින් ප්‍රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා පහරදී පොලිසියට භාරදී ඇති අතර ප්‍රදේශවාසීන් කල පහරදීම් වලින් සැකකරුට තැලීම් සහ සීරීම් තුවාල සිදුව ඇතැයිද පොලිසිය පවසයි.
33 හැවිරිදි දෙදරු මවක් වු මෙම සෞඛ්‍ය සේවිකාව නාගොඩ මහ රෝහලේ සේවය කරන බවත් නාගොඩ බසයෙන් පැමිණ රාත්‍රි 7.15 පමණ පාගමනින් යමින් සිටියදී සැකකරු මුදල් ලබාදී ඔහු සමග යාමට පැමිණෙන ලෙස පවසමින් අතින් ඇද ඇති බවට පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය පවසයි.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නෑබඩ, පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවත් සැකකරු සමඟින් තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණි බවට අනාවරණය වී ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
දිවයින