දෙහිඕවිට – සීතාවක ගඟේ – යෝගම පාලම අසල දියනෑමට ගොස් සිටි දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
වන්දනා නඩයක තරුණයින් දෙදෙනෙකු මෙලෙස ඊයේ (25) පස්වරුවේ අනතුරට ලක්ව ඇති බවත් දිය නාමින් සිටි අදාළ වන්දනා නඩයේ කාන්තාවක දියේ ගිලෙමින් සිටිය දී ඇය බේරාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මොවුන් දෙදෙනා මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයින් දෙදෙනා රාජගිරිය සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 21 වයස්වල පසුවන තරුණයින් බවත් පසුව අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.