“අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් කොළඹ හයිඩ් පිටියේ දී පැවත්වින.
එක්සත් ජාතික පක්ෂ නායකයෝ මෙන්ම ජනතාව බිම වාඩි වී සත්‍යග්‍රහය කල අතර සියලු දෙනාම සම භූමියක හිඳින රටක් බිහිකිරීම සංකේතවත් කරමින් නායකයන් මෙන්ම ජනතාව සම බිමෙහි සිට සත්‍යග්‍රහය කරන බව එහිදී නිවෙිදනය කෙරිණි
ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තුරු සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වමින් ජනතා දුක ආණ්ඩුවට කියන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එජාප සත්‍යග්‍රහයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.