12 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කල පුද්ගලයකුට තංගල්ල පළාත්බද පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර රුපියල් 25000 ක දඩ මුදලක් ද, වින්දිත දැරිය ට පන් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස නියම කළේය
මෙසේ සිර දඬුවම් සහ දඩ නියම වූයේ තංගල්ල පදිංචි විවාහක විත්තිකරුවෙකුට.රුපියල් 25000ක දඩ මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත මාස තුනක සිර දඬුවමක් ද, රුපියල් පන්ලක්ෂයක වන්දි මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවට වසර ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද විනිසුරුවරයා නියම කළේය.