ගාල්ල, හික්කඩුව වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී අද (23) සවස දියේ ගිලි ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට රැගෙන ආ රුසියානු ජාතිකයෙකු මියගොස් තිබේ.
පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම් නිලධාරීන් හා ප්‍රදේශවාසින් විසින් දියේ ගිලිණු මෙම විදේශීකයා ගොඩට ගෙන සුවසැරිය ගිලන්රථයකින් ප්‍රතිකාර සදහා වහාම කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මෙම රුසියානු ජාතිකයාගේ මෘත දේහය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට නියමිත අතර දේහය කරාපිටිය රෝහලේ මෘතශරිරාගාරයේ තැනපත් කර ඇත.