ගාල්ල, පෝද්දල වක්වැල්ල මංසන්ධියේ දී ඉන්ධන, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයට සහ විදුලි කප්පාදුවට එරෙහිව ගිනි පන්දම් දල්වා ගනිමින් ගාල්ල වක්වැල්ල මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිස විසින් අද (23) රාත්‍රියේ උද්ඝෝෂණයක් පවත්වන ලදි.
මේ සදහා වක්වැල්ල ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වි සිටි අතර උද්ඝෝෂණය විනාඩි 30 ක පමණ කාලයක් පැවති අතර පසුව උද්ඝෝෂකයින් විසිර ගියේය..