තම බාප්පාගේ ඉඩමේ කොස් ගසකින් කොස්ගෙඩියක් කඩා ගත් 34 හැවිරිදි දෙදරු පියකු බාප්පාගේ පිහිපහරින් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි..
මෙලෙස මියගොස් ඇත්තේ සිය ගැබිනි බිරියගේ ආසාව සංසිඳවීමට තම බාප්පාගේ ඉඩමේ කොස් ගසකින් කොස් ගෙඩියක් කැඩු ඇල්පිටිය පිටුවල උතුර පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය අය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙම පහරදීම සිදුකළ බවට සැකකෙරෙන මියගිය පුද්ගලයාගේ බාප්පා අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.