ගෑස් ඉල්ලා රත්ගම දී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක්

රත්ගම පොළ භූමිය ඉදිරිපිට දී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් රත්ගම ප්‍රදේශයේ විශාල පිරිසක් අද (22) උදෑසන සිට විරෝධතාවයක යෙදී සිටියහ.

රත්ගම ප්‍රදේශයට ගෑස් ගෙන එන බවට වූ ප්‍රචාරය හේතුවෙන් ඊයේ (21) රාත්‍රී කාලයේ සිට ජනතාව රත්ගම පොළ ඉදිරිපිට රැඳී සිටි අතර එම ස්ථානයට ගෑස් නොපැමිණීම හේතුවෙන් රැස්ව සිටි ජනතාව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදුනු අතර පසුව රත්ගම පොලිසිය හා රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිළධාරීන් පැමිණ මාර්ගය අවහිර කරමින් සිටි ජනතාව ඉන් ඉවත් කරන ලදි.

Werzuo Digital

Leave a Reply