ගංජා වගාව සහ පුද්ගලික භාවිතය නීතිගත කළ පළමු යුරෝපා සංගම් රට මෝල්ටාව

ගංජා වගාව සහ පුද්ගලික භාවිතය මෝල්ටාව විසින් නීතිගත කිරීමත් සමඟ වැඩිහිටි පුද්ගලයන්ට ගංජා ග්‍රෑම් 07ක් දක්වා ළඟ තබා තබා ගැනීමට අවසර ලැබෙන අතර නිවසේ උපරිම වශයෙන් පැල හතරක් වැවීමට ඉඩ ලැබෙන බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය 

කෙසේ වෙතත් ප්‍රසිද්ධ ස්ථානවල සහ දරුවන් ඉදිරියේ ගංජා දුම් පානය කිරීම තවදුරටත් නීති විරෝධී වනු ඇති බවද එම වාර්තා සදහන් කලේය.

යුරෝපා සංගමයේ ජර්මනිය, ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තය වැනි තවත් රටවල් කිහිපයක් ද ගංජා වගාව සහ පුද්ගලික භාවිතය නීතිගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වන අතර දැනටමත් නෙදර්ලන්තය වැනි රටවල් යම් යම් තත්ත්වයන් යටතේ කංසා භාවිතයට ඉඩ ලබා දී තිබේ.

මෝල්ටා පාර්ලිමේන්තුව පසුගිය අඟහරුවාදා පස්වරුවේ මෙම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර පනතට පක්ෂව ඡන්ද 36ක් සහ විපක්ෂව ඡන්ද 27ක් ලැබුනා.

මෝල්ටාවේ සමානාත්මතාවය පිළිබඳ අමාත්‍ය ඕවන් බොනිසි මෙම නව පියවර සම්බන්දයෙන් පැවසුවේ මෙම ඓතිහාසික පියවර හරහා මත්ද්‍රව්‍ය ජාවාරම අඩු වන බවයි.

කෙසේ වෙතත්, මෝල්ටාවේ විපක්ෂය මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර නව නීතියට මුලදී සහය දුන් එහි නායක බර්නාඩ් ග්‍රෙච් කියා සිටියේ ‘එය සංවිධානාත්මක අපරාධවලින් වාසි ලබා ගනිමින් නීතිවිරෝධී වෙළඳපොල ශක්තිමත් කිරීමට පමණක් හේතු වනු ඇති බවයි

ඔවුන් මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලාගෙන් ඉල්ලා ඇත්තේ, එය නීතියක් බවට පත් කිරීමේ අවස්ථාවේදී එයට අත්සන් තැබීමෙන් වලකින ලෙසටයි.

කෙසේ වෙතත් මෙම නව ප්‍රතිසංස්කරණ යටතේත්, ග්‍රෑම් හතත් ග්‍රෑම් 28ත් අතර ප්‍රමාණයක් රැගෙන යන ඕනෑම කෙනෙකුට යුරෝ 100 ක් (රුපියල් 22400 ක්) දක්වා දඩ නියම කිරීමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම මෝල්ටාවේ ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමේ දඬුවම යුරෝ 235ක් වන අතර වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු ඉදිරියේ කංසා පානය කරන්නන්ගෙන් යුරෝ 500ක් දක්වා දඩ මුදලක් අය කිරීමේ හැකියාව පවතිනවා.

පුද්ගලික භාවිතය සඳහා කංසා නීතිගත කළ ලොව ප්‍රථම රට බවට, 2013 දී උරුගුවේ පත් වූ අතර, කැනඩාව දෙවැනි රට බවට පත් වූයේ 2018 දීයි.

Werzuo Digital

Leave a Reply