කොවිඩ් බූස්ටරයෙන් පසු ඊශ්‍රායලය හතරවැනි එන්නතක් ලබාදෙයි

කොවිඩ් 19′ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව‍, ඊට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මේ මොහොතේ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය.සෞඛ්‍ය අංශ විසින් මෙසේ සිවුවැනි එන්නතක් නිර්දේශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ජනතාවට දැනුම් දි තිබේ.
පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි ‘කොවිඩ් 19’ වසංගතය හිස එසවූ බැවින්, ‘ෆයිසර්’ සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින්, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ඒ අනුව, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.

දැන් සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් ‘ෆයිසර්’ එන්නතක් 60 වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල සමාජයෙන් ද මේ වනවිට ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply