හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ගුණරත්න වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ඊයේ (24) රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට ඔහු 74 වන වියෙහි පසුවුණා.

ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ල මල්ශාලාවක තැන්පත් කර ඇති අතර හෙට අවසන් කටයුතු කිරිමට නියමිත බව වාර්තාවේ..

කරණ්දෙනිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල ගුණරත්න වීරකොන් මහතා 1994 දකුණු පළාත් සභාවට තේරි පත්වු අතර 2004 දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ ඔහු ඇමති ධුර කිහිපයක්ම හොබවනු ලැබිය

Werzuo Digital

Leave a Reply