කජු ගෙඩියෙන් එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් කර ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා රත්නායක මහත්මිය ප්‍රකාශ කර ඇත.
කජුවලින් එතනෝල් නිෂ්පාදනය කිරීමට අදාළ පර්යේෂණ මේ දිනවල සිදුකරන බවත් එම පර්යේෂණ බොහොමයක් සාර්ථක වී ඇතැයි ද ඇය ප්‍රකාශ කර ඇත
නුදුරේදීම කජු වලින් සකස් කරන ලද වයින් හඳුන්වාදීමට ද කජු සංස්ථාව කටයුතු යොදා ඇත.
කජු මද සඳහා දින ඉල්ලුම ද ඉහළ ගොස් ඇති අතර කජු මද අලවියෙන් කජු සංස්ථාව ඉකුත් දෙසැම්බර් මාසයේදී පමණක් ලක්ෂ 140 ක පමණ ආදායමක් උපයා තිබේ.
කජු වගාව ව්‍යාප්ත කිරීම සඳහා මේ වසරේ දී වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද සභාපතිවරිය සඳහන් කළාය