ළමා අපචාර ගැන ළමයින්ගේ සාක්ෂි පටිගත කර අධිකරණයට


ළමා අපචාර සහ අපයෝජන සම්බන්ධව අධිකරණය වෙත සාක්ෂි ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා දරුවන් යොමු නොකර ඔවුන්ගේ සාක්ෂි පටිගතකර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට යයි.

ළමා හා කාන්තා කාර්යාංශය නීති බලගැන්වීම අධ්‍යක්ෂිකා නීතිඥ සංජීවනී අබේකෝන් මේ බව කියා සිටී

මේ සඳහා අවශ්‍ය තාක්ෂණය දැනට පවතින ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යාංශය පමණක් බැවින් සාක්ෂි පටිගත කිරීමේ තවත් මධ්‍යස්ථාන නවයක් ඉදි කිරීමට බලාපොරොත්තු වේ

ඒ අනුව පළාත් 09 ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන පිහිටු වීමට අනුමැතිය හිමිව ඇති අතර එය මේ මඟින් අධිකරණය වෙත ළමයින් යොමු කිරීමේදී ඔවුන්ට ඇතිවන අපහසුතා මඟ හැරීමට බලාපොරොත්තු වේ

 
අරුණ
Werzuo Digital

Leave a Reply