කසකස්තානයේ ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් පසු මතු වූ දැවැන්ත ජනතා විරෝධය මධ්‍යයේ එරට රජයේ ඉල්ලා අස්වීම ජනාධිපති Kassym-Jomart Tokayev විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තෙල් නිෂ්පාදනය කරන මධ්‍යම ආසියාතික රටක් වන කසකස්තානයේ ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය 03 වනදාය.
පැරණි සෝවියට් ජනරජයේ විශාලතම නගරය වන අල්මාටි හි ප්‍රධාන චතුරශ්‍රයෙන් සිය ගනනක් විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා පොලිසිය ඊයේ (04) කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කළේය.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු යලි ගැටුම් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය
නිදහසින් පසු දශක තුනක කාලය තුළ එහි තෙල් හා ලෝහ කර්මාන්ත සඳහා ඩොලර් බිලියන සිය ගණනක විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මුල් තැන දෙමින් දේශපාලන ස්ථාවරත්වයේ ප්‍රතිරූපයක් වර්ධනය කරන දැඩි පාලනයක් සහිත රටක් ලෙස ප්‍රචලිතය
ඡායාරූප – AFP
සමාජ මාධ්‍ය