ගිංතොට මාරක රිය අනතුරෙන් යතුරු පැදිකරු මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදි අද (05) දහවල් සිදුවු මාරක රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ගෙනයන විටත් මියගොස් සිට තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, යක්කලමුල්ල පදිංචි පුද්ගලික ආයතනයක සේවය කරන 22 හැවිරිදි තරුණයෙකි.
හික්කඩුව සිට ගාල්ල දක්වා ධාවනයවු බස් රථයක් ගිංතොට මුස්ලිම් පල්ලිය ඉදිරිපිට නතරකල අවස්ථාවේ එයට පිටුපසින් පැමිණි දොඩන්ගොඩ සිටි ගාල්ල බලා ධාවනයවු බස් රථය ඉස්සර කිරිමට යාමේදි ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය එම බස් රථයේ වැදි අනතුර මෙම සිදුව ඇත. 
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply