කුසල්, ධනුෂ්ක, දික්වැල්ල යලිත් ක්‍රිකට් පිටියට

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත..

ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටියහ

ක්‍රීඩකයන් තිදෙනාගේ ඉල්ලීමක් සහ වෛද්‍යවරු ලබාදුන් වාර්තා සළකා බලමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

රුපියල් කෝටිය බැගින් වන දඩයක් ද ඔවුන්ට පැනවූ අතර ඔවුන් එම දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බවද වාර්තාවේ..

Werzuo Digital

Leave a Reply