ඔමික්‍රෝන් ගැන සුළුවෙන් හැඳින්විම බරපතළ වැරදීමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘති ප්‍රභේදය සැර විකෘතියක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් තමන් කළේ වරදක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය .

ජිනීවා නුවර පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් මේ බව ප්‍රකාශ කර ඇත.

“ඔමික්‍රෝන්” කොවිඩ් විකෘතිය මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය දිනපතා ජීවිත බිලි ගන්නා බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බව එම වාර්තා සඳහන් කළේය..

ඉදිරි සති කිහිපයේ දී ඩෙල්ටා කොවිඩ් විකෘතිය අභිබවා යමින් ලොව ප්‍රධාන විකෘතිය බවට “ඔමික්‍රෝන්” පත්වනු ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත

“ඔමික්‍රෝන්” ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් “ඔමික්‍රෝන්” වෛරසය බිහිසුණු ලෙස පැතිරෙන නිසා රෝහල් ගතවීමට සිදුවන පිරිස ඉහළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

“ඔමික්‍රෝන්” ඩෙල්ටා තරම් සැර නැහැ යනුවෙන් අප හඳුන්වා දුන් නිසා ජනතාව එය අවතක්සේරු කළ බවක් පෙනෙන බවත්  “ඔමික්‍රෝන්” විකෘතිය සුළුවෙන් තැකීමක් නොකර  “ඔමික්‍රෝන්” සුනාමියට සූදානම් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රධානියා ප්‍රකාශ කර ඇත

Werzuo Digital

Leave a Reply