කරාපිටිය රෝහල් මෘතශරීරාගාරය අසල දී පුද්ගලයකු සියදිවි නසාගනි

ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය පිටුපස ගසක පුද්ගලයකු ගෙල අද (08) පෙරවරුවේ වැලලාගෙන මියගොස් ඇති  බව රෝහල් පොලිසිය පැවසීය.
මේ  බව රොහල් සේවකයෙකු විසින් දැක ඇති අතර පසුව ඔහු පිලිබඳව සොයා බැලිමේදි කරාපිටිය රොහලේ 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි නවදගල,ඇල්පිටිය යන ලිපිනයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බව හදුනාගෙන ඇත
සිද්ධිය සම්බන්ධයෙන්  කරාපිටිය රෝහල් පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.
සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ උපදේශන සේවය සදහා අමතන්න

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
උපදේශන සේවාව, “Say Yes To Life”
+94 112 682 535

Werzuo Digital

Leave a Reply