තුවායේ සඟවා ගාල්ල බන්ධනාගාරයට හෙරොයින් ගෙනාආ පුද්ගලයකු අත් අඩංගුවට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු බැලිමට පැමිණි පුද්ගලයකු එම රැඳවියාට ලබා දිමට රැගෙන එන ලද තුවායක වාටියේ හෙරොයින් සගවා තිබියදි බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (07)  අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට බාරදුන් බව ගාල්ල පොලිසිය පවසයි.
බන්ධනාගාරගත රැඳවියාට මෙම තුවාය අදාල පුද්ගලයා ලබා දිමට ගිය අවස්ථාවේ දී  බන්ධනාගාර නිලධාරින්  එම තුවාය පරීක්ෂාවට ලක් කර වාටියේ තිබු හෙරොයින්  හදුනාගෙන ඔවුන්ගේ බාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
සැකකරු අද (08) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි..
Werzuo Digital

Leave a Reply