පාකිස්ථානයේ හිමපතනයෙන් 21 දෙනෙකු මියගොස් 1000 වැඩි පිරිසක් බේරා ගැනේ (PHOTOS)

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මුරී කඳුකර ප්‍රදේශයේ දැඩි හිමපතනයට ලක්වූ මෝටර් රථවල සිටි පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් බේරා ගත් බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය අය අතර කුඩා ළමයින් 09 දෙනෙකු ද සිටින බවද එහි සඳහන්ය.

මෙම ප්‍රදේශයට සංචාරකයන් විශාල වශයෙන් ඇදී එන අතර, වාහන 1000 වැඩි සංඛ්‍යාවක් දැඩි හිමපතනයෙන් වැසී ගොස් ඇති බව එම වාර්තා සඳහන් කළේ ය 

පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් බේරා ගැනීමට හැකිවූ බව පන්ජාබ් ප්‍රාන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ නිසා එම ප්‍රදේශවලට තවදුරටත් වාහන ඇතුළුවීම තහනම් කර තිබෙන බව ද එම වාර්තා සඳහන් කළේ

හිමපතනයක් මෙම ප්‍රදේශයට වසර 15 ක් හෝ 20කට පසුව ඇතිවි තිබෙන බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේය..

Werzuo Digital

Leave a Reply