මෙරටට අවශ්‍ය කොවිඩ් එන්නත් සියල්ල හෙට වනවිට ලැබී අවසන්

හෙට (09) වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයත් බූස්ටර්  එන්නතට ලබාදීම පිණිස අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණයත් මෙරටට ලැබී අවසන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම මුළු මෙහෙයුම සම්පුරණයෙන් අවසන් කිරීම රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් වසරකට අඩු කාලයකදී සිදුකල බවත් එහි සදහන් වේ
ඒ අනුව ඖෂධ සංස්ථාව මගින් මෙරටට පහත සඳහන් එන්නත් වර්ග ගෙන්වා ඇත.
ඇස්ට්‍රාසේනිකා – 2,865,424

මොඩර්නා – 1,500,000

ස්පුට්නික් – 195,000

සිනෝෆාම් – 26,000,000

ෆයිසර් – 18,000,000
මෙම මුළු මාත්‍රා ගණනින් මිලියන 6.8 මෙරටට ආධාර වශයෙන් ලැබුණු බවත් ඉන් වැඩිම ප්‍රමාණයක් චීන රජයෙන් ලැබුණු බවත් ජපානය, ඇමරිකාව, ඉන්දියාව යන රටවල් වලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද ආධාර ලෙස එන්නත් ලැබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය 
එක් එන්නත් මාත්‍රාවක් සඳහා රජය වියදම් කල මුදල ඩොලර් 5 සිට ඩොලර් 7.5 අතර පරාසයක තිබු බවද එහි සදහන්ය.
මේ දක්වා එන්නත් මගින් අසාමාන්‍ය කිසිදු සංකුලතාවක් රටේ හෝ ලෝකයේ ඇතිවී නොමැති බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධනය හා මෙරට වසංගත රෝග අංශයත් තහවුරු කරන බවත් එහි සඳහන්ය.
ආනයන කල එන්නත්වලින් බහුතරය ෆයිසර් හා සිනොෆාම් එන්නත් වන අතර ෆයිසර් එන්නතේ මුළු වියදම ලෝක බැංකුවේ ණය ආධාරයකින් ගෙවන ලද අතර ආසියානු සංවර්ධන බැංකුව මගින් සිනොෆාම් එන්නත සඳහා ගෙවීම් කල බවත් එහි සඳහන්ය. 
මේ අනුව මෙම එන්නත් මිලදී ගැනීමේ මුළු ක්‍රියාන්විතයම ජාත්‍යන්තර නිර්ණායක වලට එකඟව විනිවිධ භාවයෙන් සිදුවූ බව තහවුරු කර ඇති බවත් මෙරට එන්නත්කරන වැඩපිළිවෙල මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම ස්ථානයක සිටින සිටින බවත් සඳහන්ය.
මේ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාවට භාර දුන් රාජකාරිය ඉහල ප්‍රමිතියේ එන්නත් අවශ්‍ය ප්‍රමාණයට සහ අධි මාත්‍රාව සමග මෙරටට  මුළුමනින්ම ගෙන එමෙන් මෙම ක්‍රියාන්විතය නිමා කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 
Werzuo Digital

Leave a Reply