ජාත්‍යන්තර මුහුදේ අනතුරට පත් යාත්‍රාවේ සිට බේරාගත් ධීවරයන් ගාලු වරායට

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනෙකු විදේශිය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මඟින් බේරාගෙන නාවික හමුදාවට බාරදිමෙන් පසු ඔවුන් ඩෝරා යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ඊයේ (08) සවස ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව නාවික හමුදාව පැවසීය.

පසුගිය (04) වනදා බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා (06) දෙනෙකු සමග මුහුදු ගොස් සිටී බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරට ලක්වි තිබේ.. 
පසුව යාත්‍රාව සම්බන්ධයෙන් ජනවාරි 01 දිනෙන් පසුව කිසිදු තොරතුරක් නොමැති බැවින්, මෙම යාත්‍රාව යම් අනතුරකට මුහුණ පා ඇද්දැයි සොයා බලන ලෙස බේරුවල පොලිසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව නාවික හමුදාව විසින් මෙම යාත්‍රාව සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ  

පසුව බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස නාවික හමුදාව විසින් ඉන්දීය සහ මාලදිවයින් සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දැනුවත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මාලදිවයිනට අයත් මුහුදු තීරය ඔස්සේ ඉන්දියාවේ පොර්ට් බ්ලෙයාර් (Port Blair) වරාය වෙත යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මේ බව දැක නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු ධීවරයන් පිරිස බේරා ගෙන තිබේ..

ඒ වන විටත් මෙම බහුදින යාත්‍රාව  යාත්‍රාව නොපිට පෙරලී ගොස් ඒ මත නැගී ආධාර ඉල්ලා කෑගසමින් සිටී ධීවරයන් පිරිස  ඒ අසලින් ගමන් ගත් ඉන්ධන ප්‍රවාහනය නෞකාවේ කාර්ය මණ්ඩලය විසින්  බේරාගෙන නාවික හමුදාවට භාර දීමෙන් පසු නාවික හමුදාව විසින්  මෙම ධීවරයන් පිරිස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත ගෙන ඇත.

මෙය පයාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් බහුදින ධීවර යාත්‍රාවක් වන  අතර , එහි බේරුවල , වලතර සහ අඹේපිටිය ප්‍රදේශවල ධීවරයන් පිරිසක් ගමන්කර ඇත.

Werzuo Digital

Leave a Reply