කොළඹ සිට කන්කසන්තුරේට සුඛෝපභෝගී දුම්රියක් (PHOTOS)

කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද (09) සිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම පස්වරු 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය වේ..
නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක්  සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය  සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වලින් මෙම දුම්රිය සමන්විත වේ.
මෙම දුම්රියේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට ඊ ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.
දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ.
ඉදිරියේදි මෙවැනි සුඛෝපභෝගි සේවාවන් කාර්යාල දුම්රිය සේවාවන්ට එක් කිරිමට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙහි ප්‍රවේශපත්‍රයක මිල
 
👉 ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා 
රුපියල් 1700

👉 ගල්කිස්සේ සිට වව්නියාව දක්වා
රුපියල් 1500

👉 ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා 
රුපියල් 1200

මෙම දුම්රිය
ගල්කිස්ස

දෙහිවල 

වැල්ලවත්ත

බම්බලපිටිය

කොටුව

පොල්ගහවෙල

කුරුණෑගල

අනුරාධපුරය

වව්නියාව

කිලිනෝච්චිය

කොඩිකාමම්

යාපනය

කොණ්ඩාවිල් 

චුන්නාකම්

කන්කසන්තුරය
යන දුම්රිය ස්ථානවල නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය 
Werzuo Digital

Leave a Reply