පැය 18 පුරා ගාලු මුහුදේ පාවෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව බේරාගනි

බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පාවෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් අද (09) පෙරවරුවේ බේරාගෙන කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව නාවික හමුදාව පැවසීය. 
ගාල්ල ධීවර වරායෙන් ධීවරයින් හය  දෙනෙක් සමඟ ඉකුත් 07 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු පෙරේදා (08) පස්වරුවේ පමණ තංගල්ල සිට නාවික සැතපුම් 08ක් (කිලෝමීටර් 15ක්) පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මුහුදට වැටී අතුරුදහන් වී ඇත, පසුව මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම් දි ඇත
පසුව තංගල්ල සිට ගාල්ල දක්වා වූ මුහුදු ප්‍රදේශයේ දක්ෂිණ නාවික හමුදා කඳවුරට  අයත් යාත්‍රා යොදවා සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව පෙරවරුවේ ගාල්ල සිට නාවික සැතපුම් 07 ක් (කිලෝමීටර් 13ක්) පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ බෝයාවක අධාරයෙන් පාවෙමින් සිටියදී එම ධිවරයා බේරාගෙන තිබේ
පැය 18කට අධික කාලයක් ජලයේ පා වෙමින් සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ සිටි එම ධීවරයාට මුලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු ගාල්ල වරායට රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
Werzuo Digital

Leave a Reply