ව්‍යාජ පොල් පොල්පැල ලංකාව පුරා – පොල් පැල ගන්නේ පරිස්සමෙන්

පොල් පර්යේෂණ පර්යේෂණායතනයේ නම භාවිතා කරමින් ව්‍යාජ ලෙස විවිධ ප්‍රදේශවල පොල් පැල විකිණීමේ ජාවාරමක් සම්බන්ධ වාර්තා වී ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.

සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පොල් පැළ මිලදී ගැනීමේදී ඒ සම්බන්ධව පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචි ස්ථානවල පමණක් විධිමත්ව සහතික කර ඇති පොල් පැල ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි

පොල් පැල මිලදී ගැනීමට ගිය විට යම් සැක සහිත අවස්ථා ඇති වුවහොත් 1928 දුරකථන අංකය අමතා ඒ සම්බන්ධව ස්ථිර කරගන්න හැකියාවක් පවතින බවත් දිගින් දිගටම මේ පිළිබඳ යම් සැකයක් පවතින්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිළි කිරීමේ හැකියාවද පවතින බව ඒ මහතා පැවසීය

විශේෂයෙන්ම සහතික කරන ලද පොල් පැළ ලබාගන්නේ නම් ලබා ගන්නේ නම් පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් පැළ තවාන්වලින්, පොල් පර්යේෂණායතනයේ පොල් පොල්පැල තවාන්වලින් හා පොල් පර්යේෂණ ලියාපදිංචි වී සිටින පොල්පැල තවාන්කරුවන් මඟින් පමණක් ලබාගත හැකි බවද ඒ මහතා පැවසීය.

ව්‍යාජ පොල් පැළ වලින් වගාකරුවන්ට විශාල ලෙස හානියක් සිදුවන බවත් එය වැලක්විමට බිජ සහතික කිරිමේ පනත අනුව පොල් පර්යේෂණායතනය මැදිහත්ව මව් ශාකයෙන් උසස් බීජ පොල් පැළ ලබා දීම තම ආයතනය  සිදුකරන බව පොල් පර්යේෂණායතනය පැවසීය

මෙම ව්‍යාජ පොල් පැල  සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියේය..


අද 
Werzuo Digital

Leave a Reply