ගාල්ල දිස්ත්‍රික්කයෙන් පසුගිය දින 10 කාලයක් තුලදි ඩෙංගු රෝගින් 134 දෙනෙකු වාර්තා වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පැවසීය..
ගාල්ල නාගරික, අම්බලන්ගොඩ, අක්මිමන හා හබරාදුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ තුලින් මෙම කාලසිමාව තුලදි වැඩි වශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වි ඇත.
දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක තුල සිට ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තාවෙමින් පවතින නිසා ගාල්ල මහ නගරසභා හා අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද ඔහු පැවසීය.
2021 දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 747 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් කිසිදු මරණයක් වාර්තා නොමැත.
ඉදිරියේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක් ඇතිවිය හැකි බැවින් නිවාස ආශ්රිත පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලිමක් කලේය