2021 වසරේ කරාපිටිය රෝහලේ මරණ 3010

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පසුගිය 2021 වර්ෂය තුළ පමණක් මරණ තුන් දහස් දහයක් (3010) ලියාපදිංචි කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ උපත් හා මරණ රෙජිස්ටාර් කාර්යාලය පවසයි
කරාපිටිය රෝහලේ පසුගිය වර්ෂයේ සිදුව ඇති ළමා මරණ සංඛ්‍යාව 57කි. 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ දී ගාල්ල කරාපිටිය රෝහලේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ උපත් හා මරණ රෙජිස්ටාර් ලාල් රත්නායක මහතා පවසයි.
2020 වර්ෂයේ කරාපිටිය රෝහලේ ඇති වී ඇති මරණ සංඛ්‍යාව 2840 කි. කොවිඩ් වසංගතය ආදී හේතු නිසා 2021 වර්ෂය තුල කරාපිටිය රෝහලේ සිදුවි වී ඇති මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් ඇති බවද ඒ මහතා පැවසීය..
දිනමිණ 
Werzuo Digital

Leave a Reply