2021 මාර්තු සිට දෙසැම්බර් දක්වා නව පොලිස් ස්ථාන 105 පිහිටුවයි

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තියට අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ නව පොලිස් ස්ථානයක 105ක් පිහිටුවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. 
අලුතින් ස්ථාපනය කරන ලද පොලිස්  105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු හා ජනතා වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් ට පෙරේදා උපදෙස් ලබා දුන් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම දැනුවත් කිරීමේදී ස්ථානාධිපතිවරු වශයෙන් තමන්ගේ පොලිස් ස්ථානය වැඩ කරන නිලධාරීන්ගේ හා තමාට අයත් වසමේ ජනතාවගේ සුබසාධනය හා සුභ සිද්ධිය උදෙසා සේවය කළ යුතු බව උපදෙස් ලබා දුන් බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අද 
Werzuo Digital

Leave a Reply