2022 ඉන්දීය ප්‍රිමියර් ලිග් (IPL) තරඟාවලිය ශ්‍රි ලංකාවේ පැවත්විමේ සුදානමක්

ඉන්දියාව තුළ නැවතත් කොවිඩ් වසංගත බලපෑම ඉහළ යෑමත් සමඟින් 2022 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව මේ වන විට කොවිඩ් තෙවැනි රැල්ලක් අබියස ඉන්දියාව පැවැතීමත් ඉදිරි තවත් මාස දෙකක් ගතවූ විට තත්ත්වය සම්බන්ධයෙන් යම් තරමක අවිනිශ්චිත බවක් ගොඩනැඟී තිබීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය. එහිදී දකුණු අප්‍රිකාවේදී IPL තරගාවලිය පැවැත්වුවහොත් දෙරට අතර පවතින කාල පරතරය හේතුවෙන් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට ඇතිවන අපහසුතා සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අප්‍රසාදය පළකර ඇති බවද එහි සඳහන් කර තිබිණි. එහිදී මෙම කරුණු මුල්කර ගනිමින් මෙවර IPL තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පවත්වන ලෙස බලධාරීන් ඉල්ලීම් සිදුකර ඇති බවත් පැවැසේ.

එමෙන්ම පසුගිය වසරේදී ද කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය කටයුතු කළේය. 

කෙසේ නමුත් නැවත වරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙම තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයන් අප්‍රසාදය පළකර ඇති පසුබිමක 2022 වසරේදී IPL තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

Werzuo Digital

Leave a Reply