කොවිඩ් සටනට උරදුන් රාජ්‍ය සේවකයින්ට “ඉන්ටග්‍රිටි අයිකන් 2021” සම්මාන

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ (ඉන්ටග්‍රිටි අයිකන් 2021) සුපිළිපන් ප්‍රණාම සම්මාන උළෙලේ දී කෝවිඩ් සටනට සෘජුවම උරදුන් සෞඛ්‍ය හා රාජ්‍ය සේවයේ නිරත විරුවන් පිරිසකට සම්මාන පුද කිරිමේ උත්සවයක් පසුගිය 11 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබී ය.
කෝවිඩ් වසංගත තත්ත්වය දරුණුවට පැවති මොහොතක සිය ජීවිත පරදුවට තබා එම තත්ත්වය මැඩලීමට ක්‍රියා කළ ඉදිරිපෙළ සෞඛ්‍ය හා රාජ්‍ය සේවයේ නිරත පිරිසකට මෙම සුපිළිපන් ප්‍රණාම සම්මාන හිමිවිය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් දිවයින පුරා රාජ්‍ය හා සෞඛ්‍ය සේවයේ කොවිඩ් ඉදිරිපෙළ සේවා සපයන්නන්ගෙන් නාම යෝජනා කැඳ වූ අතර මාර්ගගත සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයකින් මෙම පස් දෙනා තෝරාගෙන තිබේ.
වෛද්‍ය හසිත අත්තනායක – අධ්‍යක්ෂ ජාතික බෝවන රෝග විද්‍යායතනය, සී.නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා – ග්‍රාම නිලධාරිනී  දඹදුරය, සීදුව, කේ. ජී. ගීතානන්ද – ගිලන් රථ රියදුරු දිසා රෝහල බටපොල, නිම්මි ජයසේකර – ආසාදන පාලන හෙද නිලධාරිනී දිස්ත්‍රික් මහා රෝහල ඇඹිලිපිටිය, ශන්මුගරාජා ශිව ශ්‍රී – ප්‍රාදේශීය ලේකම් තෙල්ලිපල්ලෙයි යන මහත්ම මහත්මින් මෙම සම්මාන උළෙලේ දි සම්මාන ලබාගත්හ.
මෙම සම්මාන උළෙලට විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ
Werzuo Digital

Leave a Reply