ගාලු මුහුදේ සිටි කිඹුලෙකුගෙන් ධීවරයා බේරෙයි

ගාල්ල ජා කොටු වැල්ල අසල මුහුදේ මා දෑල් ඇදිමට මුහුදට ගිය ධීවරයෙකු අසලට දැවැන්ත කිඹුලෙකු පැමිණිම දුටු එම ධීවරයා  දෑල පැත්‍තකට දමා පිහිනාවිත් ඔරුවට නැගි ගොඩබිමට පැමිණි බව ධීවරයින් පැවසීය.

ධීවරයින් පිරිසක් අද (14) සවස වෙරළේ සිට මීටර 200 පමණ මුහුදට ගොස් ගාලු වරාය පිවිසුමට ආසන්නව මා දෑලක් එලා තිබේ. පසුව ඒ අසලින් බෝට්ටුවක් යෑම නිසා දෑල කැඩි තිබේ. 
කැඩුණු දෑල ගැට ගැසීම සදහා මෙම ධීවරයා ගොස් ඇත. ඔහු ඒ දෙසට පිහිනා යන අයුරුත් ඔහු අසලම දැවැන්ත කිඹුලෙකු සිටිනු දුටු ජා කොටු වැල්ලට ආසන්න ගොඩබිමේ පිහිටි ඉදිකිරීම් වැඩබිමක ඉහළ මාලයක සිටි සේවකයින් පිරිසක් එය දැක ජා කොටු වැල්ලට පැමිණ සිද්ධිය පැවසිමෙන් පසු වහාම මා දෑල ඇද මුහුදේ බැස සිටි ධීවරයාට ඒ බව දැනුම් දිමෙන් පසු ඔහු ගොඩබිමට පැමිණ තිබේ. 
දෑල ඇදිමත් සමගම කලබල වු කිඹුලා යලි දියඹට පිහිනාගොස් තිබේ..
සබැඳි පුවත්
       ජා කොටු වැල්ල මුහුදු ප්‍රදේශය 
Werzuo Digital

Leave a Reply