අම්බලන්තොට වලවේ ගඟ ආශ්‍රිතව කිඹුල් භීතියක්


වලවේ ගඟ ආශ්‍රිතව කිඹුල් ව්‍යාප්තිය වැඩි වීම නිසා අම්බලන්තොට ප්‍රදේශයේ කිහිපදෙනකු මේ වන විට කිඹුලන් ගේ ගොදුරු බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කිඹුලන් ගේ අළුත්ම ගොදුර ලෙස අම්බලන්තොට දෙහිගහලන්ද විළ පලා කඩන්නට ගිය පුද්ගලයෙකු කිඹුලන් විසින් මරා දමා තිබේ.

දෙහිගහලන්ද බස්නාවෙ විළ පලා නෙළමින් සිටි 57 හැවිරිදි දෙදරු පියකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව තිබුණු අතර කිඹුලන් විසින් කා දමන ලද සිරුරේ කොටස් කීපයක් ඉකුත් 06 දින් ප්‍රහාරයට ලක්ව තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරක තිබියදී ප්‍රදේශවාසීන්ට හමුව තිබේ.

මේ වන විට අම්බලන්තොට අවට කිසිදු වාරි ඇළකට බැසීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද ප්‍රදේශයේ ජනතාව පවසති.

අම්බලන්තොට අවට මෙලෙස දස දෙනෙකු පමණ කිඹුලන් ගේ ගොදුරු බවට පත්ව තිබෙන බව ද දැනගත හැකිවිය.

පසුගිය කාලය පුරාම වලවේ ගඟේ කිඹුල් ව්‍යාප්තිය වැඩි වී ඇති අතර වලවේ ගඟ ආශ්‍රිතව ඇති වාරි ඇළ මාර්ගවල ද මේ වනවිට කිඹුල් ගහනය ඉහළ ගොස් තිබේ.

වනජීවී නිලධාරීන් පවසන්නේ වලවේ ගඟේ සිදු කරනු ලබන මහා පරිමාණ වැලි ගොඩ දැමීම නිසා කිඹුලන්ට හිතකර පරිසරයක් වලවේ ගඟේ ඇති වී තිබෙන බවත් එම නිසාම කිඹුල් ගහනය වැඩිවී ඇති බවත්ය

ලංකාදිප

Werzuo Digital

Leave a Reply