උණවටුන මුහුදේ කිමිදිමෙන් පසු අවපීඩන තත්වයට පත් විදෙස් කිමිදුම්කරුට නාවික හමුදාවෙන් ප්‍රතිකාර (PHOTOS)

ගාල්ල උණවටුන මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති අවපීඩන රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 39ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම්කරුවෙකුට ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව ක්‍රියා කර තිබේ.
පසුගිය 13 වනදා උණවටුන මුහුදේ කිමිදිමෙන් පසු මෙම අවපීඩන තත්වයට මුහුණදුන් කිමිදුම්කරු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු එහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
පසුව පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එම සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගියා එදිනම සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව පැවසීය.
2021 ජනවාරි සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති අවපීඩන රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් තිදෙනෙකු (03) වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව කටයුතු කර ඇත.
Werzuo Digital

Leave a Reply