ඉදිරි වසර දෙක තුල කරාපිටිය රෝහල ශ්‍රි ලංකාවේ තුන්වන ජාතික රෝහල බවට පත් කරනවා – අමාත්‍ය රමේෂ් පතිරණ

විසිඑක් වන සියවසේ අලංකාරම නගරය ලෙස ගාල්ල නගරය සංවර්ධනය කිරිමට පියවර ගෙන තිබෙන බවත් ඉදිරි වසර දෙක තුල කරාපිටිය රෝහල ශ්‍රි ලංකාවේ තුන්වන ජාතික රෝහල බවට පත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 502ක වියදමින් ගාල්ල සමුපකාර රෝහලේ අභිනවයෙන් ඉදිරි කිරිමට යෝජිත සත් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබිම නිමිත්තෙන් පසුගියදා පැවති උත්සවයේදිය.
කොරෝනා වසංගතය හේතුවෙන් සමහර ව්‍යාපෘති පසුගිය වසරේ ක්‍රියාත්මක කිරිමට බැරි වු බවත් ඒවායින් සමහර ව්‍යපෘති මෙම වසරේ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද ගාල්ල වරාය සම්පුර්ණයෙන්ම සංචාරක වරායක් බවට පත් කිරිමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා ලෝක උරුම කමිටුවේද අනුමැතිය ලබාගෙන අන්තර් ජාතික සමුළුවක්  ලබන මාසයේ පවත්වන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.

දැනට පොලිස් බරැක්ක තිබෙන භුමිය නාගරික සංවර්ධන අධිකාරියට ලබා දිමට කටයුතු කර තිබෙන අතර එම භුමියේ අලුත් පොලිස් ස්ථානයක් සහ අලුත් තැපැල් කාර්යාලයක් සෑදිමටත් ඉතිරි කොටස මිශ්‍ර ව්‍යාපෘතියක් බවට පත් කිරිමටත් පියවර ගෙන තිබෙන බවත් ඔහු එහිදි පැවසීය..
කරාපිටියේ ඉදි කරන ලද හෙල්මුට් කොල් රෝහල විවෘත කිරිමෙන් පසු මහමෝදර රෝහල එම රෝහලට ගෙනියන බවත් ඉන් හිස්වන මහමෝදර රෝහලට පොලිසිය ගෙන යන බවත් පැවසීය.
Werzuo Digital

Leave a Reply