තල්පේ දී බස් රථයක් පාරෙන් ඉවතට පැන අනතුරක් – පහකට තුවාල (PHOTOS)

මාතර සිට කොළඹ බලා ධාවනය වු ලං.ග.ම බස් රථයක් අද (18) අලුයම හබරාදුව, තල්පෙ ප්‍රදේශයේදි පාරෙන් ඉවතට පැන තාප්පයක සහ තැඹිලි ගසක වැදිමෙන් රියදුරු ඇතුලු 05 දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය පවසයි.
මාතර ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝවට අයත් මෙම බස් රථය අලුයම කොළඹ බලා ගමන් ආරම්භ කල බස් රථයක් බවත් පොලිසිය පවසයි.
බස් රථයේ වේගය රියැදුරුට පාලනය කර ගැනිමට නොහැකිව බස් රථය පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
රිය අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply