හෙට (19) අලුයම පෘථිවිය අසලින් ගමන් ගන්නා යෝධ ග්‍රහකය (1994 PC1)

පෘථිවිය අසලින් යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝමීටර් 75639 ක වේගයකින් ගමන් කරනු ඇති බව ජාත්‍යන්තර තාරකා විද්‍යා අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය 

කිලෝමීටරයක් පමණ විශ්කම්බයක් ඇති මෙම ග්‍රහකය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මිටර 830 ක් උස බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට වඩා උස බවත් මෙම ග්‍රහකය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලටත් වඩා තුන් ගුණයකින් විශාල බවත් එම වාර්තා සදහන් කලේය.

මෙම ග්‍රහකය පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කිරිමට හැකියාවක් ඇති බවත් නමුත් මෙය පෘථිවියේ ගැටිමේ අනතුරක් නොමැති බවද එම වාර්තා සදහන් කලේය.

1994 වසරේ දී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි මෙම ග්‍රහකය සොයාගත් අතර එය තාරකා විද්‍යාඥයන් 7482 (1994 PC1) යන නිල නාමයෙන් නම් කර තිබේ..

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21 ට මෙම යෝධ ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත.

මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කින් පමණ බව ජාත්‍යන්තර තාරකා විද්‍යා අංශ ප්‍රකාශ කළේය..

Werzuo Digital

Leave a Reply