නිරෝගී දරුවන්ට බූස්ටර් එන්නත අවශ්‍ය නොමැති බවට WHO ප්‍රකාශයක්

පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘බූස්ටර්’ එන්නත් ලබා දීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ඇය මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අතරතුරේය

පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට තෙවැනි එන්නත් මාත්‍රාවක් එසේත් නැතිනම් ‘බූස්ටර්’ එන්නතක් අවශ්‍යදැයි මාධ්‍යවේදීන් විමසද්දී දැනට එසේ අවශ්‍යතාවක් නොමැති බවය විද්‍යාඥවරිය ප්‍රකාශ කර ඇත.

වැඩිහිටියන් සඳහා බූස්ටර් එන්නත් ලබා දීම අවශ්‍ය බවත්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය නිසා රෝහල්ගතවීම සහ මරණයට පත් වීම ඒ අනුව අවම වන බව ද සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය එහිදි වැඩි දුරටත් පවසා ඇත.

Werzuo Digital

Leave a Reply