ලෝක වාර්තාවක් තැබීමට සැරසෙන මෙරට නිවුන්නු


මේ වසරේ අගෝස්තු මසදි ආරම්භවීමට නියමිත ලෝක නිවුන් මහා සම්මේලනයේ දී ලෝක වාර්තා පිහිටුවීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා නිවුන් සංවිධානය පැවසීය

ඒ අනුව ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ලෙස ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංවිධානය සැළසුම් කර තිබේ.

ඊට සමගාමීව පළමු වරට පැවැත්වෙන ලෝක නිවුන් රූ රැජිනියනගේ තරගාවලිය සහ ලෝක නිවුන් සංස්කෘතික උළෙල මෙන්ම ජාත්‍යන්තර නිවුන් බැඩ්මින්ටන් තරඟාවලියක් ද මෙරට දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම සංවිධානය සංවිධානය නිර්මාතෘ උපුලි ගමගේ පැවසුවාය

ලොව පළමු ක්‍රිකට් කණ්ඩායම සහ බැඩ්ම කණ්ඩායම ශ්‍රී ලංකාව සතු වන අතර අගෝස්තු මාසයේදී ප්‍රථම නිවුන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ද නියමිත බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය


ශ්‍රි ලංකා නිවුන් සංවිධානය නිවුන් සහෝදර සහෝදරියන් 28,000ක් පමණ සාමාජිකත්වය ලබන සංවිධානයක් වෙයි..
Werzuo Digital

Leave a Reply