ශ්‍රි ලංකාවේ තේ ගැන කතාකල සාරා සිය ලෝක වාර්තාව පිහිටුවයි

සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරිය සාරා රදර්ෆර්ඩ් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය…

සාරා සිය ගමනාන්තය වූ බෙල්ජියමේ කෝට්රයික් නුවරට ඊයේ (20) ලඟා විය. 

සාරා පිළිගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන්, යහළු යෙහෙළියන්, මාධ්‍ය කණ්ඩායමක් ඇතුළු විශාල පිරිසක් කෝට්රයික් ගුවන්තොටුපොළට පැමිණි සිටියහ

ඇය තනිවම ලොව වටා යෑමේ මෙම වික්‍රමය ආරම්භ කළේ පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා කෝට්රේ නුවරිනි. ඇගේ ගමනාන්තය වූයේ ද කෝට්රයික් 

රටවල් 41 කට ගමන් කරමින් ඇය ගමන් කල දුර ප්‍රමාණය ගමන කිලෝමීටර 52,000  (සැතපුම් 32,300) වු අතර ඒ සඳහා ඇයට දින 44ක් ගතවිය

තනි ඇන්ජිමක සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා පියාසර කරමින් සාරා වාර්තා තුනක් පිහිටවූවාය.

👉 ලෝකය වටා තනිවම පියසැරි වික්‍රමයක යෙදෙන ළාබාලතම කාන්තාව 

👉 මයික්‍රෝ ලයිට් වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක නැගී ලෝකය වටා යන කාන්තාව

 👉 තනි ඇන්ජිමක ගුවන් යානයක නැගී ලෝකය වටා යන පළමු බෙල්ජියම් ජාතිකයා.

විම යන වාර්තා ඇය විසින් පිහිටුවා තිබේ.

ගුවන් යානා පියාසර කිරීම, සාරා රදර්ෆර්ඩ් ට සහජයෙන් ලැබුණු හැකියාවකි. ඇය බෙල්ජියම් – බ්‍රිතාන්‍ සම්භාව්‍යයක් ඇති  ජාතික තරුණියකි.

ගුවන් නියමුවන්ගේ පවුලක ඇය ගුවන් යානා පැදවීම පුහුණු වූයේ වයස අවුරුදු 14 දීය. ඇය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇගේ වයස අවුරුදු 17 කි.

ලොව වටා සංචාරය අතරතුරේ පසුගිය වසරේ දෙසැරම්බර් 28 වැනිදා සාරා ශ්‍රී ලංකාවට ද පැමිණියාය.එහිදි ඇයට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ඇගේ සැහැල්ලු ගුවන් යානය ගොඩබෑවේ රත්මලාන ගුවන් තොටුපොළටය. පසුව යලි දෙසැම්බර් 30 වැනිදා සාරා රත්මලාන ගුවන් තොටුපලෙන් පිටවී ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි පියසැරිය ආරම්භ කළාය. 

ලංකාවට පැමිණි සාරා තමන් ශ්‍රී ලංකාවේ ගත කළ දෙදින ලබාගත් අත්දැකීම කිසිදින අමතක නොවන බවත්, ලංකාවේ තේ ගැන ඉතා ඉහළින් වර්ණනා කලේය. එහිදි සරා ශ්‍රි ලංකාවේ තේ ඉතා රසවත් බවද එහිදි ඇය පැවසීය…

Werzuo Digital

Leave a Reply