බාල වයස්කාර දැරියකට ලිංගික අපරාධයක් සිදුකල සැකකරුවෙකු සොයා පරික්ෂණ

මව නිවසින් බැහැරව ගිය අවස්ථාවේ නිවසට ඇතුලුවු අයෙකු නිවසේ සිටි 13 හැවිරිදි දියණියට ලිංගික අපරාධයක් සිදුකර පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
මෙම දැරිය බටුවන්තුඩාව ප්‍රදේශයේ මන්ද මානසික කාන්තාවකට උදව් කිරිම සඳහා මව සමග එම කාන්තාවගේ නිවසේ රැඳි සිටියදී අවශ්‍යතාවයකට මව නිවසින් බැහැරව ගොස් ආපසු එමින් සිටියදි නිවසේ සිට කිසියම් අයෙකු දුව යනු දැක ඇත.
ඒ සම්බන්ධයෙන් දැරිය කිසිවක් පවසා නැති අතර පසුව දැරිය සිහිසුන්ව නිවසේ වැටි සිටියදි කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
එහිදි අනාවරණයවි ඇත්තේ මව විසින් පාවිච්චි කරනු ලබන ඖෂධ වර්ගයක් අධිකව පානය කර ඇති බවය. පසුව ඇය පරික්ෂා කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරිණිය වාර්තා කර ඇත්තේ ඇය දූෂණයට ලක්වි ඇති බවය. පසුව ඇයගෙන් ප්‍රශ්ණ කිරිමේදි සැකකරු පිළිබඳ තොරතුරු පවසා ඇත.
සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා පෝද්දල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply