2021 වසරේ මහමෝදර රෝහලේ සජිවි දරු උපත් 9055 ක්

පසුගිය වසරේ ගාල්ල මහමෝදර මාතෘ ශික්ෂණ රෝහලේදි සජිවි දරු උපත් 9055 ක් සිදුව ඇතැයි මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ ටි.බී.විමලසේන මහතා පැවසිය.
මේ අතර පසුගිය වසරේ රෝහලේ සිදුව ඇති මළදරු උපත් සංඛ්‍යාව  85කි. නව ජන්ම ළදරු මරණ 67ක් පරා ජන්ම ළදරු මරණ 152ක් සිදුව ඇති අතර එම වසරේ මව්වරුන් 412කට ශල්‍ය කර්ම සිදුකර ඇත.ඒවායින් 333ක්  සිසේරියන් ශල්‍යකර්මවේ.
ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහල දකුණු පළාතේ ඇති විශාලතම මාතෘ රෝහලද වේ.
Werzuo Digital

Leave a Reply