කොවිඩ් තෙවැනි (Booster) මාත්‍රාව නොගන්නා අයට නඩු

කොවිඩ් තුන්වනි මාත්‍රාව නොගන්නා අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගැන නීතිපතිවරයාගෙන් දැනටමත් උපදෙස් ලබාගෙන ඇති බවයි.
යුරෝපීය රටවල් මෙන් විවිධ දියුණු රටවල් තුන්වෙනි මාත්‍රාව නොගන්නා අයට එරෙහිව දැනටමත් නීතිමය වශයෙන් කටයුතු කරන බව පැවසූ ඒ මහතා, නීතිපතිවරයාගේ ලැබුණු උපදෙස් අනුව ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීතිමය රාමුවක් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.
ලෝකයේ දියුණු රටවල් එලෙස කටයුතු කිරීමෙන් පෙනෙන්නේ තෙවැනි මත්ද්‍රව්‍ය ඇති වැදගත්කම බවත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට එවැනි වැඩපිළිවෙළකින් ලොකු රුකුලක් වනු ඇති බවත් වෛද්‍යවරයා කීවේය.
සමහර රටවල් එන්නත් මාත්‍රාව ලබා නොගන්නා අයට එරෙහිව දඩ මුදල් ක්‍රියාත්මක කරන බවද අන්වර් හම්දානි වැඩිදුරටත් පැවසීය.
ලංකාදීප 
Werzuo Digital

Leave a Reply