අම්පෙගම පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 14කට කොවිඩ්

අම්පේගම, ගල්හේන්කන්ද ශ්‍රී විමලගිරි පිරිවෙනෙහි ශිෂ්‍ය හිමිවරුන් 14 නමකට කොවිඩ් ආසාදන වී ඇති බවට තහවුරු වී ඇතැයි වැලිවිටිය-දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් එම පිරිවෙණෙහි තවත්  හිමිවරුන් 16 නමක ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.


මෙම ශිෂ්‍ය හිමිවරු පසුගිය සතියේ ඇඹිලිපිටිය, කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දුෂ්කර පෙදෙසකට පාසල් උපකරණ බෙදාදිමේ අවස්ථාවකට සහභාගි වී තිබෙන අතර,  ඉන් අනතුරුව කොවිඩ්  රෝගී ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදු කරනු ලැබූ ඇන්ටිජන් පරික්ෂාවෙන් පසු මෙම ආසාදිත හිමිවරුන් වාර්තා වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Werzuo Digital

Leave a Reply