ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියට පිහියෙන් ඇන්න සැකකරු අත් අඩංගුවට

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පිහියෙන් ඇන ඇයගේ ජංගම දුරකතනය ද උදුරාගෙන පලාගොස්  සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල  ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. තුවාල සිදුකිරිම සඳහා යොදාගත් පිහියද කොල්ලකන ලද සිසුවියගේ ජංගම දුරකතනයද පොලිස් බාරයට ගෙන ඇත.

අක්මිමණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මධුරංග මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට (25) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

පෙර පුවත සඳහා 👇

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට පිහි ප්‍රහාරයක්

Werzuo Digital

Leave a Reply