බූස්ස මුහුදේ සුනඛයා නෑවිමට ගිය සිසුවා රළ පහරකට හසුව මරුට

 

අද (27) පස්වරුවේ රත්ගම, බූස්ස මුහුදේ රළ පහරකට හසුව පාසල් සිසුවකු මියගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මෙම සිසුවා සිය පියා සමග සුනඛයා නෑවීම සඳහා බූස්ස වැල්ලබඩ මුහුදු තීරයට ගොස් ඇති බවත් එහිදී රළ පහරකට හසුව මෙම සිසුවා මුහුදට ගසා ගෙන ගොස් තිබෙන බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි 
පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවා සොයා ගැනීමෙන් පසු කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ. සිසුවා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය 
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. 
Werzuo Digital

Leave a Reply