අක්මීමන අතහැර දැමු ගල් කොරියේ ඉඩමක පිපිරිමක්

අක්මීමණ ප්‍රදේශයේ අතහැර දමාතිබු ගල් වැඩපොල භුමියක් සුද්ධ කරමින් සිටියදි ඊයේ (29) සවස පිපිරිමක් සිදුව ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි.
අක්මීමන, නුගහේන්කන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබු මෙම ගල් කොරිය පිහිටි භුමියේ වොලි බෝල් පිටියක් සකස් කිරිම සඳහා තරුණ පිරිසක් ඉඩම සුද්ධ කර කසලගොඩක් පුච්චමින් සිටියදි එක් වරම මෙම පිපිරිමක් සිදුව ඇති අතර පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති බවද පොලිසිය පවසයි.
පිපිරිමෙන් පසුව ගල් කොරිය අයිතිකරු පැමිණ අනවසරයෙන් ඉඩම සුද්ධ කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අක්මීමන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
Werzuo Digital

Leave a Reply