නිවසක ගේට්ටුව කඩා වැටී 06 හැවිරිදි දැරිය මරුට

තඹුත්තේගම, තුන්වන පියවරේ පිහිටි නිවසක ගේට්ටුවක් කඩා වැටිමෙන් 06 හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය ප්‍රකාශ කර ඇත..

තඹුත්තේගම ප්‍රථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙණුම ලබන හය හැවිරිදි   දැරියක මෙසේ මියගොස් ඇත.

සිය පාසලේ ගුරුවරියකගේ නිවසට ඇතුළුවීමට සඳහා එහි ගේට්ටුව විවෘත කරද්දී ගේට්ටුව කඩාවැටි දැරිය මතට පතිතවි ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය ප්‍රකාශ කර ඇත.

ගේට්ටුව කඩාවැටිමෙන් පසුව දැරිය තඹුත්තේගම රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවද පොලිසිය ප්‍රකාශ කර ඇත..

Werzuo Digital

Leave a Reply