කොවිඩ් එන්නත්කරණයට දායක වුවන්ට කරාපිටිය රෝහලෙන් ප්‍රණාම (PHOTOS)

කොවිඩ්  මර්ධන එන්නත් කිරිම ආරම්භ කොට වසරක් පිරිම නිමිතිකොටගෙන ඒ සඳහා දායකවු සියලුම දෙනා ඇගයිමේ උපහාර උත්සවයක් කරාපිටිය රෝහලේදි ඊයේ (29) පැවැත්විණ.
මෙහිදි  වෛද්‍යවරුන්,  හෙද කාර්යමණ්ඩලය, කණිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු සියලුම රෝහල් සේවකයින්ද ආරක්ෂක අංශද මාධ්‍යවේදින් ඇතුළු මේ සදහා දායක වු සියලුම දෙනා ඇගයිමට ලක් කරන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිරිවර්ධන, ගාල්ල කඩවත් සතර සහකාර ප්‍රාදේශීය ලේකම් නෙහාර වෙත්තසිංහ, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා, රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය හර්ෂණී උබේසේකර ඇතුළු වෛද්‍යවරුන්ද  රෝහල් කාර්ය මණ්ඩලවල මහත්ම මහත්මින්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ද ඇතුලු පිරිසක්  එක්ව සිටියහ
Werzuo Digital

Leave a Reply